මට එල්ල කරන චෝදනා බොරු , ඔනෑම පරීක්ෂණයකට මා සුදානම් - හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
ශ්‍යාම් නුවන් ගනේවත්ත

තමාගේ අධිපති ධුර කාලයට අදාළව ඔනෑම පරීක්ෂණයකට තමා සුදානම් යයි හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (08) කොළඹ රාමඩා හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය . ඒ මහතා මෙසේද කීවේය .

ජනාධිපතිවරයා 2018 ජනවාරි 3 කල විශේෂ ප්‍රකාශයෙන් බැඳුම්කර මංකොල්ලය පිලිබඳව 2016 ජූනි මස අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාල සීමාව අවසන් වන විටත් රටේ ජනතාව දැන සිටි දේවලට අමතරව අලුත් යමක් කියවුනේ නැත.

අර්ජුන් මහෙන්ද්‍රන් මහතා දින 487 තම ධූරයේ රාජකාරි කලේය. ඉන් දින 91ක්ම ගෙවුනේ 2016 මාතු මස සිදුවූ දෙවන බැඳුමකර මංකොල්ලයටද පසුවය. මුලු රටම මේ සිද්ධිය ගැන කතා කරද්දීද, රටේ ආර්ථිකයට විශාල හානියක් වී ඇතිබව විද්වතුන් හා දේශපානඥයින් පෙන්වා දෙද්දීද ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා අර්ජුන් මහෙන්ද්‍රන්ගේ සම්පූරණ ධූරකාලය අවසන් වනතුරුම ඔහුව ඉවත් කිරීමට ක්‍රියාකලේ නැත.

පලමු මහබැඳුම්කර සිද්ධියට දින කිහිපයකට පෙර රවි කරුණානයක, මලික් සමරවික්‍රම, කබිර හසීම් යන මහත්වරු මහබැංකුවට ගොස් අර්ජුන් මහෙන්ද්‍රන් සමග කල සාකච්ඡාව ගැන කිසිදු සඳහනක් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ අඩංගු නොවිනි.

බැන්දුම්කර මගඩියේ ඉතා වැදගත් සාක්ෂියක් විය යුතුව තිබුනේ ලංකා බැංකුව විසින් රුපියල් බිලියන 10 ක පමන මුදලක් ප්‍රාථමික ගනුදෙනුකරුවෙකුට දුන්නේ කෙසේද , දුන්නේ කාගේ උපදෙස් මතද යන්නයි. ජනාධිපතිවරයා මේ ගැන කිසිදු සඳහනක් නොකලේය.

දෙවන බැඳුම්කර මංකොල්ලය වන රුපියල් බිලියන 40 කට ආසන්න ගනුදෙනුව සඳහා මහබැංකුව විසින්ම මුල්‍ය ක්ශේස්ත්‍රයේ සමාගම් වල හදිසි අවස්ථා සඳහා මුදල් නිකුත් කරන දෛනික ද්‍රවශීලතා පහසුකම භාවිත කරමින් අදාල සමාගමට මුදල් ලබා දී තිබීම ගැන ජනාධිපතිවරයා කිසිදු සඳහනක් නොකලේය.

දෙවන බැඳුම්කර සිද්ධියෙදී මුදල් ඇමතිවරයා විසින් රාජ්‍ය බැංකු තුනක ප්‍රධානීන් ගෙන්වා අඩුවෙන් ලංසු තබන්නට උපදෙස් දුන් බව බැඳුම්කර කොමිසම හමුවේ හෙලිවිය. මේ ගැන කිසිදු සඳහනක් විශේෂ ප්‍රකාශය තුල නොවිනි.

ෆුට් නොට් කල්ලිය යනුවෙන් ජනතාව හඳුන්වන කෝප් කමිටු සමාජිකයින් පිරිසක් අවසාන කෝප් කමිටු වාර්ථාවට බලපෑම් කරන්නට උත්සාහ කල සැටි, විගනාධිපතිට බලපෑම කරන්නට උත්සාහ කල සැටි, සැකකාර සමාගමේ ප්‍රධානීන් සමඟ දුරකථන සම්ම්බන්ධතා පවත්වාගෙන ගිය සැටි මීට පෙර වාර්ථාවී තුබුනි. ඔවුන්ගේ ෆුට් නොට් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහබැංකුව විසින් එවු ලිපියක් අගමැතිවරයාගෙ විරෝධය නිසා ඉල්ලා අස්කරගත් බවක්ද වාර්ථාවී තිබුනි. මේ අය ගැන කිසිදු සඳනක් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය තුල නොතිබුනි.

බැඳුම්කර මංකොල්ලය නිසා සේවක අර්ථ සාධක අරමුදලට වූ විශාල පාඩුව යම් දුරකට ලඝු කොට පෙන්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් සිදුවිය. මීට පෙර වාර්ථාවී තිබුනේ එම පාඩුව රුපියල් බිලියන 20ක් පමන වන බවයි.

ජනාධිපතිවරයා කියනා අකාරයට කොමිසමේ එක් යෝජනාවක් වනුයේ 2008 -2014 කාලය තුල මහ බැංකුව බැඳුම්කර ගනුදෙනු කල ආකාරය පිලිබඳවද පරීක්ෂණයක් කල යුතු බවයි. ඔහුට අමතක වී ඇත්තේ හිටපු මුදල් ඇමතිවරයා විසින් මුල්‍ය පනතේ 43(2) කොටස යටතේ 2016 අගෝස්තු 19 දා කල ඉල්ලීමක් අනුව රජයේ විගනකාධිපතිවරයා විසින් මේ පිලිබඳ සම්පූරණ පරීක්ෂනයක් 2017 ජනවාරි 17 වනදා සිය වාර්ථාව බාර දී ඇති බවයි. ජනාධිපතිවරයාට කරන්නට ඉතුරුව තිබෙන්නේ එම වාර්ථාව ගෙන්වාගෙන කියවීම පමනි. මේ වාර්ථාව දැනටමත් විගනකාධිපතිවරයාගේ වෙබ් අඩවියේ තිබේ. 2008 -2014 කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනු ගැන එතරම් අවධානයක් බැඳුම්කර කොමිසම යොමුකල බවක් පසුගිය කාලයේ මේ පිලිබඳ මාධ්‍ය වාර්ථා අධ්‍යයනය කරන්නෙකුට නොපෙනේ. නමුත 2008 -2014 කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනු ගැන පදනම් විරහිත ප්‍රකාශයක් 2017 මාර්තු 17 පාර්ලිමේන්තුව තුල කරමින් මහා ඝෝෂාවක් නගමින් අතීතයේදි බැඳුමකර ගනුදෙනුවල දූෂණ සිදුවී ඇතිබවට මතයක් ජනගත කරන්නට උත්සාහ කලේ 2015 පෙබරවාරි 27 සිදු වු බැඳුම්කර මගඩිය හෙලිවීම නිසා කුපිතව සිටි අගමැතිවරයා බවනම් ජනතාවට මතක ඇත.

රුපියල් බිලියන 2000 ක පමන අගයකට සිදුවන භාන්ඩාගාර සුරැකුම්පත් හා බැඳුමකර නිකුතූන් යනු වාර්ෂිකව රජය විසින් කරනු ලබන විශාලතම ගනුදෙනු වන අතර රුපියල් බිලියන 375 ක පමන අගයකට සිදුවන තෙල් මිලදී ගැනීම්ද එයට දෙවෙනි වෙයි. ඒ නිසා මෙම භාන්ඩාගාර සුරැකුම්පත් හා බැඳුමකර නිකුතූන් දේශපාලන ඇගිලිගැසීම වලින් තොරවූ ඉතාමත්ම නීත්‍යානුකූල හා පාරදෘෂ්‍ය ක්‍රමයකට අතීතයේ පටන්ම කරගෙන එනු ලැබිනි. 2014 අවසන් වන විට රජයේ භාන්ඩාගාර සුරැකුම්පත් හා බැඳුම්කර වගකීම රුපියල් බිලියන 4000කට වැඩි වී අතර ඒවායේ පොලී අනුපාතයේ 1% ක ඉහල යාමක් වුව රජයට රුපියල් බිලියන 40 ක පමන විශාල පාඩුවක් ගෙන දෙන බව මුල්‍ය ක්ෂේස්ථ්‍රයට සම්බන්ධ ඕනෑම අයෙක් දන්නා කරුනකි. උදාහරණයක් වශයෙන් මත්තල ගුවන් තොටුපොල විකුණා රජය ඉපැයීමට බලාපොරොත්තුවන මුදල ඉන් අඩක් පමන වේ. බැඳුමකර නිකුතුව සඳහා වෙන්දේසි හා ඍජු ක්‍රමවල සම්මිශ්‍රණයක් 1997 සිටම මහ බැංකුව අනුගමනය කලේ රජයට අඩුම වියදමකින් මේ කටයුත්ත කල හැකි ක්‍රමය බව විශේසඥයින් විසින් සොයාගෙන තිබුන නිසාය. නමුත් 2015 දී මෙයට ප්‍රථමවරට දේශපාලන ඇඟිලිගැසීමක් කල අගමැතිවරයා එතෙක් පැවති ක්‍රමය වෙනස් කරන ලෙස හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ඍජුවම උපදෙස් දීම නිසා රටට අති විශාල පාඩුවක් සිදුවිය. මේ හරහා ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාවට මගපෑදුනා පමනක් නොව එවකට රටේ පැවති පොලී අනුපාතයන් 2% කටත් වඩා ඉහල යමින් රටේ ආර්ථිකයේ විශාල අර්බූධයකට හේතුසාධකවිය.

මේ තත්වය රටේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතිශයින් ලැජ්ජවාට හා අපහසුතාවයට පත්කරවන්නක් බව තේරුම් ගැනීම අපහසු නැත. ඒ නිසා සත්‍යය වසන් කිරීම සඳහා ජනතාවගේ අවධානය වෙනතකට යොමුකිරීමේ අරමුනින් අතීතයේ බැඳුම්කර නිකුත් කිරීමේදී දූෂණ සිදුවීයැයි පදනම් විරහිත චෝදනාවක් කිරීම ගැන පුදුම වන්නට හේතුවක් නැත. ඉන් ඔවුන් උත්සාහ කරන්නේ රජය තුලම සිටින සැබෑ හොරුන්ගෙන් ජනතා අවධානය ඉවත් කර ගැනීමටය. මේ සම්බන්ධයෙන් තවත් හොඳම උදාහරණයක් වන්නේ 2015 දී ඩිව් ගුනසේකර කෝප් කමිටු වාර්ථාව සභාගත කිරීම වැලැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරවමින් හොරුන් ආරක්ෂා කල ආකාරයයි. මේ ආකාරයට හොරුන් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කිරීමේ ප්‍රථිපලය වූයේ 2016 මාර්තු මස යලිත් වරක් ඊටත් වඩා විශාල මගඩියක් කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබීමයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනටමත් කියා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාද කැබිනට් ඇමතිවරයෙකුව සිටි පසුගිය රජය කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනු ගැන පූර්ණ විගනයක් කිරීමට තමුන් කිසිදු විරුද්ධත්වයක් නැති බවයි. අගමැතිවරයාගේ හා ජනාධිපතිවරයාගෙ ප්‍රකාශවල සත්‍ය අසත්‍ය භාවය ඉන් තහවුරු වනු ඇත.

පසුගිය රජය කාලයේ සිදුවූවායැයි කියන දූෂණ වංචා ගැන සෙවීමේදීජනාධිපති සිරිසේන මහතාගේ විශේෂ අවධානය යොමුවිය යුතු කරුණක් වන්නේ ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය විසින් විධිමත් පරීක්ෂණයකින් පසු සොයාගත්තායැයි විදේශ මාධ්‍යවල විශාල ප්‍රචාරයක් දෙනු ලැබු ' ස්නෝවි මවුන්ටන් ඉන්ජිනියරිං ( Snowy Mountains Engineering ) නැමැති සමාගමක් විසින් ඕස්ට්‍රෙලියන් ඩොලර් මිලියන 2.3 ක් වටිනා අපජලය කලමණාකරන ව්‍යාපෘතියක කොන්ත්‍රාත්තුව ලබා ගැනීම සඳහා පසුගිය රජයේ ප්‍රබල ඇමතිවරයෙකුට අල්ලසක් ලබා දුන්නාය යන සිද්ධියයි. මීට අමතරව ලෝක බැංකු ආධාරය යටතේ ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියන් ඩොලර් මිලියන 1.82 ක් වටිනා තවත් ව්‍යාපෘතියක වේල්ලක් ඉදිකිරීම සඳහා දේශපාලන අල්ලසක් ඉල්ලීම පිලිබඳවද ඊ මේල් සාක්කි අදාල සමාගමේ අභ්‍යන්තර පරිගනක පරීක්ෂාවේදී හමුවූ බවකද කියැවුනි. මේ ඇමතිවරයාගේ නම ඔස්ට්‍රේලියානු මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද නිසා එය රහසක් නොවේ.යහපාලනය පිලිබඳ වත්මන් ජනාධිපතිවරයාගේ ඇති විශේෂ කැපවීම සලකා බැලීමේදී ඕස්ට්‍රෙලියාවේ 'සිඩ්නි මොර්නින් හැරල්ඩ් ' යන පුවත්පතේ පිටු ගනනාවක් පුරා විස්තර සහිතව පලවී තිබූ මේ සිද්ධිය ගැනද වහාම රජය විසින් පරීක්ෂණයක් ආරම්බ කිරීමෙන් දූෂිතයින් සොයා ඔවුන්ට දඩුවම් දීමට රජයට ඇති දැඩි අවශ්‍යතාවය තවදුරටත් ජනතාව ඉදිරියේ තහවුරු වනු ඇත.

මේ කරුණු තුළින් ගත හැකි නිගමනය මෙසේය .

ජනාධිපතිවරයා 2018 ජනවාරි 3 කල විශේෂ ප්‍රකාශය හා ඉන් පසුව රජයේ ප්‍රධානීන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ මේ මහා මුදල් වංචාවට රටට හෙලිදරව් වීම නිසා ඔවුන්ට වන දේශපාලන අවාසිය අවම කරගැනීමේ යම් එකඟතාවයකට රජය කරවන දෙපාර්ශවය විසින් පැමිණ ඇති බවයි.එමගින් මේ වංචාවේ ඍජු හා වක්‍ර කොටස් කරුවන් ලෙස රජයේ ප්‍රධානීන්ගේ ඇති සම්බන්ධතාව යට ගැසීම ඔවුන්ගේ අරමුණ බව පැහැදිලිය.

බැන්දුම්කර කොමිසම් වාර්ථාව අනුව වරදක් සිදුවී ඇති බව දැනටමත් ඔප්පුවී අවසන්ය. අපරාධයක් කිරීම , කුමන්ත්‍රණ කිරීම මෙන්ම අපරාධයට ආධාර අනුබල දීමද නීතිය අනුව වරදකි. මේ බව දන්ඩ නීති සංග්‍රහයේ පැහැදිලිවම සඳහන් වේ. එසේම සාක්ෂි ආඥාපනතට අනුව අපරාධයට පෙර හා පසු සැකකරුවන්ගේ හැසිරීම නඩුවකදී සැලකිල්ලට ගත යුතුය. බැඳුම්කර මංකොල්ලය සිදුවීමට පෙරත් පසුවත් රජයේ යම් ප්‍රධානීන්ගේ හැසීරීම අනුව ඔවුන් මේ මහා මංකොල්ලය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, සම්බන්ධවීම හෝ අධාර අනුබල දීමේ චෝදනා යටතේ යම් දිනක නීතිය හමුවට ගෙන ආ හැක.

ආචාර්ය නාලක ගොඩහේවා මහතාද මෙහිදී කතා කළේය